ඉතිරි කිරීමෙන් ජීවිතය ජයගැනීමට මඟපෙන්වන SDB බැංකුව
තිරසාර බැංකුකරණය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවුණු මහබැංකුවේ අනුමැතිය ලත් SDB බැංකුව වැනි පිළිගත් බැංකුවක ඔබේ මුදල් ඉතිරි කිරීමට තෝරා ගැනීම මේ හේතු නිසා ඉතා වැදගත් වේ. SDB බැංකුවේ ඉතිරි කරන ඔබේ මුදල්වල ප්‍රතිලාභ ඔබට මෙන්ම රටට ද හිමි වන බවට සහතිකය.
නිතර ඉතිරි කිරීමට උත්සාහ කරන ගනුදෙනුකරුවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති SDB බැංකුවේ ටොප් සේවර් ප්ලස් (Top Saver Plus) ගිණුම කරුණු ගණනාවක් නිසා සුවිශේෂී වේ. ඉහළ පොලී අනුපාතය සහ නැවත මුදල් ගැනීම සඳහා සීමාවක් නොමැති වීම මෙන්ම ටොප් සේවර් ප්ලස් ගිණුම් හිමියන්ට උපරිම පොලී මුදලක් ලබාගැනීමට හැකි වීම පිණිස ගිණුම් ශේෂයට අනුව දිනපතා පොලී ගණනය කිරීම මේ අතරින් වැදගත්ම කරුණු වේ.
දැයේ දූ දරුවන් වෙනුවෙන් SDB බැංකුව හඳුන්වා දී ඇති ලක්දරු ඉතිරි කිරීමේ ගිණුම ඉතිරි කිරීමේ පුරුද්දට දරුවන් උනන්දු කරවන ආකාරයට නිතිපතා තෑගි සහ වවුචරපත් තිළිණ කරන ගිණුමකි. SDB ලක්දරු ඉතිරි කිරීමේ ගිණුම් සම්බන්ධයෙන් වැදගත්ම කරුණ වන්නේ ඉහළ පොලියට අමතරව ඔබේ දරුවා වෙනුවෙන් වටිනා රක්ෂණවරණයක් ද නොමිලේම හිමි වීමයි. දරුවන්ට සෙනෙහස දක්වන මව්පියන් වශයෙන් මේ ප්‍රතිලාභවල ඇති වැදගත්කම ඔබට හොඳින් අවබෝධ වනු නිසැකය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අතදීම වෙනුවෙන්ම කැපවුණු SDB බැංකුව ව්‍යාපාරිකයින් වෙනුවෙන් හඳුන්වා දී ඇති බිස්නස් සේවර් (Business Saver) ගිණුම SDB බැංකුවේ ඉතිරි කිරීම් ගිණුම් පෙළට අයත් අනෙක් ව්‍යාපාරික ඉතිරි කිරීමේ ගිණුම් විශේෂයයි. ඉහළ පොලී අනුපාතය මෙන්ම බිස්නස් සේවර් ගිණුම් හිමියන්ට තමන්ගේ ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන්ට හොඳින් ගැලපෙන ප්‍රතිලාභ රැසක් හිමි වේ. ඒ අතරින් වැදගත්ම සේවාවක් වන්නේ ව්‍යාපාරිකයින්ගේ ඉතිරි කිරීමේ කටයුතු පහසු කිරීම සඳහා සෑම ගිණුම් හිමියෙක්ටම සිය බිස්නස් සේවර් ගිණුම වෙනත් ජංගම ගිණුම් සමඟ ඩිජිටල් මාධ්‍යය හරහා සම්බන්ධ කිරීමට හැකි වීමයි.