දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීම්

Share Button

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු අවදානම් නිවේදන නිකුත් කෙරේ. අද පස්වරු 7.00 දක්වා මෙම නිවේදනය බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි. ප්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ මිලිමිටර 100 කට වැඩි වර්ෂාපතනයක් ලැබි තිබේ. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රදේශිය ලේකම් කොට්ධාශය රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ඇලපාත නිවිතිගල කලවාන සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවලට අදියර 1 යටතේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ධ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...