දූෂණ විරෝධි පනත් කෙටුම්පත අද නිතිපති දෙපාර්තමේන්තුවට
දූෂණ විරෝධි පනත් කෙටුම්පත නිතිපති දෙපාර්තමේන්තුවට අද යොමු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇතැම් රාජ්‍ය නිලධාරින් සහ දේශපාලනඥයින් සිදුකරන අල්ලස හා දුෂණය වැලැක්විම මෙහි අරමුණයි. එම පනත් කෙටුම්පත පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ. එමගින් අල්ලසට හා දූෂණයට එරෙහිව ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කෙරේ. නව පනත මගින් ස්වාධින අල්ලස් හෝ දූෂණ කොමිසමක් ස්ථාපනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.