පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සමග සාකච්ඡාවක් ලබන 23 වනදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම කියයි. එය පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම පළාත් පාලන ආයතන 340 ක නිල කාලය ලබන ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
මේ අතර ගිණුම් ප්‍රකාශ භාර නොදුන් දේශපාලන පක්ෂවලට ඒවා භාර දීමට දින 14 ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි. ඒ අනුව ගිණුම් ප්‍රකාශ ලබා දිමට අපොහොසත් වන දේශපාලන පක්ෂවලට හිමිකම් අවසන් කිරිමට ද තීරණය කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කරන නිවේදන හැර වෙනත් පාර්ශ්ව නිකුත් කරන නිවේදන හා තොරතුරු පිළිනොගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.