ශ්‍රී ලංකා නවසීලන්ත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Share Button

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සංචාරක ශ්‍රි ලංකා කන්ඩායම සමග වෙලින්ටන්හි බේසිං රීසර්ච් ක්‍රිඩාංගනයේදි අද තරග වදි. අයහපත් කාලගුණය හේතුවෙන් තරගය මදක් ප්‍රමාද වෙයි. අයි සි සී ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග මාලාවේ පළමු තරගය පසුගියදා ක්‍රයිස්චර්ච්හිදි පවත්වා තිබෙ.එහිදි තියුණු සටනකින් පසු පරාජයට පත්විමට ශ්‍රි ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ අනුව ලෝක ශූරතා අවසන් තරගයට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රි ලංකා කණ්ඩායමට ගිලිහි ගියේය. අද තරගයේදි ශ්‍රි ලංකා පිලේ වෙනසක් සිදුවිය හැකිබව නායක දිමුත් කරුණාරත්න පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...