පාසල් දරුවන්ගේ පෝෂණය නංවාලීමට රජයෙන් රුපියල් කෝටි 81 ක්

Share Button

අමාත්‍යංශය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට නිකුත් කරයි’ පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 2023 ජනවාරී මාසයට අදාළ මුදල් එලෙස නිකුත් කෙරේ. මෙතෙක් දිවා ආහාර ලැබු දරුවන් ලක්‍ෂ 11 ක් ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී තිබෙ’් ඒ අනුව මෙරට සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 51 කට දිවා ආහාර හිමිවෙයි’ සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන් දැනටමත් ඒ පිළිබඳව දැනුවත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි’ සහල්ි පරිප්පු සහ සැමන් මෙන්ම ආහාර පිසීමට ගන්නා තෙල් ලෝක ආහාර වැඩසටහන හා අමෙරිකානු ආධාර යටතේ මෙරටට ලැබී තිබේ සතියේ දින පහේම දරුවන්ට දෙන ආහාර වට‘ටෝරු සදහා බත් ඇතුලත් කිරීමට ඒ අනුව ක්‍රියාකෙරෙනු ඇත’
දරුවන් පාසල් පැමිණීම ඉහළ නැංවීම’ යහපත් සෞඛ්‍ය ආහාර පුරුදු ඇති කිරීම’ සමබර ආහාර වේලක් සදහා දරුවන් දිරිගැන්වීම මෙන්ම එමගින් පාසල් දරුවන්ගේ කායික හා මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම සහ පන්ති කාමරය තුළ නිසි අවධානයකින් අධ්‍යයන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීම මෙම වැඩසටහනේ අවසන් අරමුණ බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...