උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල වරම් අහිමිවන සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා රජයෙන් පොලී රහිත ණයක්’
අපොස උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් අහිමි වන සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා රුපියල් ලක්ෂ 11 ක පොලි රහිත ණය මුදලක් සැපයීමට රජය තීරණය කරයි’ රැකියාවක් ලැබිමෙන් පසු මෙම ණය මුදල ආපසු ගෙවිය හැකිය’ උසස් අධ්‍යාපන පාඨමාලා සදහා රුපියල් ලක්ෂ 08 ක ණය මුදලක්ද ඔවුන්ගේ එදිනෙදා වියදම සදහා තවත් ලක්ෂ තුනක මුදලක් ද ඒ යටතේ පිරිනැමේ මෙරට ණය පොලි අනුපාත මේ වනවිට සියයට 25 කටත් ඉහල අගයක පවතී’ අදාළ ණය පහසුකම සිසුන්ට සැපයීමට තීරණය කලේ එමනිසා බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා කියයි’ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිසුන් පන්දහසකට මෙම ණය මුදල පිරිනැමෙයි’ දැනට ලංකා බැංකුවෙන් පමණක් සපයන ණය පහසුකම ඉදිරියේදී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද සැපයීමට නියමිතයි’