සුලු වැරදි සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාර ගත නොකර නිවාස අඩස්සියේ තැබීම කෙරෙහි අධිකරණ අමාත්‍යංශයේ අවධානය’

Share Button

සුලු වැරදි සම්බන්ධයෙන් අධිකරණය රක්‍ෂිත බන්ධනාගාර ගතකරන රැදවුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ රදවා තැබීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කියයි’ ඒ සදහා වන නව නීති දැන් සකස් කෙරෙමින් පවතී’ බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම හා දරුණු අපරාධකරුවන් බිහිවීම අවම කිරීම මෙම නව නීති හදුන්වාදීමේ අරමුණු අතර වෙයි’ සුලු වැරදිවලට බන්ධනාගාර ගතවන පුද්ගලයන් බන්ධනාගාරය තුළදී දරුණු අපරාධකරුවන්ගේ ඇසුරට වැටීමෙන් නොමගට යොමුවන බව පෙනී ගොස් තිබෙ‘’ එම තත්වය වැළැක්වීම සදහා ජාත්‍යන්තර නීතිරීතීවලට අනුකුලව අධිකරණයේ අභිමතය පරිදි වරදකරුවන් පුර්ණ අධීක්‍ෂණය හා බැදුම්කර යටතේ ඔහුගේ ලගම ඥාතියෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු භාරයේ නිවාස අඩස්සියේ තැබීම මෙහිදී සිදුවන බව අධිකරණ ඇමතිවරයා පවසයි’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...