අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳ නිල ප්‍රකාශය ලබන සදුදා රාත්‍රියේ

Share Button

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳ නිල ප්‍රකාශය ලබන සදුදා රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එම ණය මුදල පිලිබඳ ඇතිකරගත් එකගතා පිළිබඳව සාකච්ඡා කිරිම සදහා එහි විධායක සභාව සදුදා රාත්‍රියේ රැස්වෙයි . එදිනම රාත්‍රියේ ඒ පිළිබඳ නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි .රුවන්වැල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා මේ බව පැවසිය. එම එකගතා පිළිබඳව වෙබ් අඩවියෙහි පළ කළ වහාම ජනාධිපතිවරයා ඊට අදාල සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.එය බොහෝවිට ලබන සතියේදි සිදුවිය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මේ අතර පසුගියදා මහබැංකුව ශ්‍රි ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් එළිදැක්වූ දත්ත වාර්තා පිළීබඳව ද සියඹලාපිටිය මහතා අදහස් දැක්විය. එහිදී අමාත්‍යවරයා පැවසුවේ 2022 වසරේදි ආර්ථික වර්ධන වේගය සෘණ 7 යි දශම 8 ක් ලෙස පැවතීම බැරැරුම් තත්ත්වයක් බවයි. එය මෙම වසරේදි සෘණ 3 ක තත්ත්වයෙන් පවත්වාගෙන යාම අපේක්ෂාවයි .එමෙන්ම පසුගිය වසරේ සෘණ 12 යි දශම 4 ක් වු අවසන් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය නිවැරදි ආකාරයෙන් කළමනාරණය නොකළේ නම් මේ වසරේ පළමු කාර්තුවේදි එය සෘණ 20 වූ අගයකට ගමන් කළ හැකිව තිබූ බව ඔහු පෙන්වා දුන්නේය. එය ලෝකයේ කිසිදු රටක් මුහුණ නොදුන් තත්ත්වයක් වනු ඇතැයිද හෙතෙම කීවේය. කෙසේවෙතත් 2024 වර්ෂයේදි ධන ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...