සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සදහා සුදුස්සන් හදුනාගැනිමේ සමීක්ෂණවලින් රාජ්‍ය සේවකයන් බැහැර වීම කණගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍යවරයා පවසයි
සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සදහා සුදුස්සන් හදුනාගැනිමේ සමීක්ෂණ කටයුතු වලින් රාජ්‍ය සේවකයන් බැහැර වීම කණගාටුවට කරුණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.මෙම සමීක්ෂණය සිදු කිරිම රාජ්‍ය සේවකයන්ගේ වගකීමකි. හම්බන්තොට ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.සුදුස්සන් හදුනාගැනිමේ සමීක්ෂණ ලබන 31 වැනිදායින් අවසන් වීමට නියමිතයි. එබැවින් නිවැරදි දත්ත ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍යංශය අයදුම්කරුවන්ට දැනුම් දී ඇත. දැනට ලැබි ඇති අයදුම්පත් ලක්ෂ 37 ක් අතරින් ලක්ෂ 11 කගේ තොරතුරු තහවුරු කර ඇතැයි එම අමාත්‍යංශය සදහන් කරයි.