දිවයිනට ලැබුණු මඩ පොහොර තොගයේ පළමු තොගය උතුරු හා නැගෙනහිර පලාත්වල ගොවීන්ට
ශ්‍රි ලංකාවට ලැබී ඇති මඩ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර මෙට්‍රික් ටොන් 36 දහසක ප්‍රමාණය කෘෂිකර්ම අමාත්‍යංශයට නිල වශයෙන් හෙට භාරදෙයි. පළමු පොහොර තොගය උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ යල කන්නයේ වී වගාවට ලබාදිමට නියමිතයි. එම පළාත්වල දැනටමත් වී වගාව ආරම්භ කර ඇති නිසා සියලු දිස්ත්‍රික්ක වෙත ලබාදෙන ලෙස ඇමති මහින්ද අමරවීර මහතා කොමර්ෂල් සහ ලංකා පොහොර සමාගම්වලට උපදෙස් දි තිබෙ.් ඒ අනුව ඊයේ එම පළාත්වලට අයත් සියලු දිස්ත්‍රික්ක සදහා මඩ පොහොර මෙට්‍රික් ටොන් 11 දහස් 537 ක් බෙදා හැරිය බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සදහන් කරයි. මෙම පොහොර ගොවීන් වෙත නොමිලේ ලබාදීම ලබන සදුදා සිට ඇරඹේ. දිවයිනේ සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් මෙම මඩ පොහොර ගොවීන්ට ලබාගත හැකිය.