2023 වසරේ පළමු පාසල් වාරය 27 වන සදුදා ඇරඹෙයි

Share Button

2023 වසරේ පළමු පාසල් වාරය 27 වන සදුදා ඇරඹෙයි. එය අප්‍රියෙල් මස 04 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. පළමු අදියරේ පාසල් නිවාඩුව ලබන මස 05 වැනිදා සිට 16 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.පළමු වාරයේ දෙවන අදියර සදහා පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් මස 17 වැනිදායි. එය මැයි මස 12 වැනිදා දක්වා ක්‍රියාවට නැංවෙයි .2022 සාමාන්‍ය පෙළ විභාගය සදහා මැයි මස 13 වැනිදා සිට 24 වැනිදා දක්වා යලි පාසල් නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.එය පළමු පාසල් වාරයේ දෙවන අදියරේ පාසල් නිවාඩුවයි. පළමු වාරයේ තුන්වැනි අදියර මැයි මස 25 වැනිදා සිට ජුලි මස 20 වැනිදා දක්වා පැවැත්වෙ.් පළමු වාරයේ තෙවන වාරය සදහා ජූලි මස 21 වැනිදා සිට ජුලි 23 වැනිදා දක්වා නිවාඩු ලබා දේ..
මේ අතර 2023 වසරේ දිවයිනේ රජයේ සියලු පාසල් සදහා පළමු වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිම ලබන 28 වැනිදා සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...