ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව නවසීලන්තයේ කේන් විලියම්සන් හා හෙන්රි නිකොල්ස්ගෙන් ද්විත්ව ශතක
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කන්ඩායම අතර වෙලින්ටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද නිමාවන විට . පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙන ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 02 ක් දැවි ලකුණු 26 ක් ලබා සිටියේය.. සිය පළමු ඉනිම සදහා මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 580 ක් රැස් කර ඉනිම අත්හිටුවිමට තීරණය කළේය. නවසීලන්තයේ කේන් විලියම්සන් හා හෙන්රි නිකොල්ස් ද්විත්ව ශතක වාර්තා කළහ. පන්දු යැවීමේදි කසුන් රාජිත කඩුලු දෙකක් බිඳ හෙලිය. මේ අතර නවසීලන්ත ඉනිම ලකුණු 580 ක් දක්වා යාමට තමාගේ අතින් ගිලිහුණු හෙන්රි නිකොල්ස්ගේ උඩ පන්දුව හේතු වූ බව ශ්‍රි ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ධනංජය සිල්වා පවසයි .තරගයේ දෙවන දිනය නිමාවීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදි ඔහු මේ බව ප්‍රකාශ කළේය.
නවසීලන්තයේ පැවැත්වීමට නියමිත එක්දින අන්තර්ජාතික සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි සදහා සහභාගි වන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස කොමර්ෂල් බැංකුව ක්‍රියා කරයි. ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග සෘජුව සම්බන්ධ වීම රටේ ප්‍රමුඛපෙළේ සන්නාමයන්ට පමණක් ප්‍රතිචාර දැක්විය හැකි ප්‍රමුඛ අවස්ථාවක් ලෙස සැලකේ.එසේම ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන කොමර්ෂල් බැංකුව ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය සදහා ජාතික වගකිමක් ලෙස සලකා මෙම උරදීම සිදුකරන බව එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පාරිභෝගික බැංකු සේවා අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා පවසයි. නවසීලන්ත – ශ්‍රි ලංකා සංචාරය ටෙස්ට් තරග දෙකකින් .එක්දින තරග තුනකින් සහ පන්දුවාර විස්සයි විස්ස තරග තුනකින් සමන්විතයි.