චීන ජනාධිපතිවරයා ලබන සතියේ රුසියාවේ සංචාරයක

Share Button

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ලබන සතියේ රුසියාවේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිතයි.රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා සමග සාකච්ඡා කිරිම ඔහුගේ අරමුණයි.ක්‍රෙම්ලීනය සදහන් කළේ එම දෙපළ පුඵල් හවුල්කාරිත්වයක් සහ උපායමාර්ගික සහයෝගිතාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි. රුසියාවේ මිත්‍ර රාජ්‍යයක් වන චීනය යුක්රේනයේ යුද්ධය අවසන් කිරිමට යෝජනා ඉදිරිපත් කර තිබෙ.් රුසියාවට ආයුධ සැපයීමට එරෙහිව බටහිර රටවල් චීනයට අනතුරු අගවා ඇත. රුසියානු හමුදා යුක්රේනය ආක්‍රමණය කිරිමෙන් පසු චීන ජනාධිපතිවරයාගේ පළමු රුසියානු සංචාරය මෙයයි.ඔහු ලබන අගහරුවාදා පුටින් මහතා සමග සාකච්ඡා කිරිමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...