බෝග කිහිපයක් ආනයනය කිරීමට නැවතීමට පියවර
ලබන වසරේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට බලපත්‍ර ලබා නොදීමට පියවර ගෙන තිබේ.
දේශීය ගොවීන් අදාළ බෝග වගාවට යොමු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර ලබන වසරේ සිට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දද ඉහළ දැමීමට ද අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මෙරටට ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල්වලින් බඩ ඉරිගු, උඳු, රටකජු, කුරක්කන් සහ මිරිස් ආදිය විශාල විදේශ විනිමයක් වැය කරමින් ආනයනය කරනු ලබයි.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී වැයවන විදේශ විනිමය පාලනය කර ගැනීම සඳහා ලබන වසර තුළ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර තිබේ.
ඒ අනුව අදාළ බෝග වගා කරන දේශිය ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.