ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය

Share Button

ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කෙරේ. දේශිය හා විදේශීය වශයෙන් බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම එහි මුළික අරමුණයි. බෞද්ධ දර්ශනය ප්‍රචාරනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රි ලංකාව පත්කිරීම සහ ලොව පුරා ඇති බෞද්ධ ස්මාරක හා ස්ථාන සංරක්ෂණය හා ආරක්ෂව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම එමගින් අපේක්ෂා කෙරේ.

යෝජිත ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථාපිත කෙටුම්පත් සකස් කිරීමට ඇමති ගාමිනි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කල යෝජනාවක් ඇමති මණ්ඩලය අනුමත කර තිබේ.

පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කෙරේ. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය හා අභ්‍යන්තර වානිජ ගුවන් ගමන් මෙහෙයවීම එමගින් අපේක්ෂා කෙරේ. රුපියල් කෝටි 1996 ක ආයෝජනයක් සහිතව ශ්‍රි ලංකා ගුවන් හමුදාව මගින් සංවර්ධනය කටයුතු සිදුකිරීමට නියමිතයි.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ. මහතා සහ ජෝන් අමරතග හා නිමල් සිරිපාල ද සිලවා යන ඇමතිවරු ඒකාබද්ධව ඒ සඳහා ඉදිරිපත්කල යෝජනාවක් ද ඇමති මණ්ඩලය අනුමත කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *