විශ්ව විද්‍යාල නවක වදය පාලනය කිරිමට ජංගම දුරකථන යෙදවුමක්
නවක වදය පාලනය කිරීම සදහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව නව ජංගම දුරකථන යෙදවුමක් හදුන්වා දෙයි. කොළඹ පැවැති එම අවස්ථාවට එක්වු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ නවක වදය පාලනය කිරීම විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් .පීඨාධිපතිවරුන් මෙන්ම ආචාර්ය මඩුල්ලේද වගකීම වන බවයි. වර්තමානයේදී නවක වදය මිලෙච්ඡත්වයට පත්වී තිබේ.
ඇතැම් අයගේ ලිංගික ආශාවන් පිරිමසා ගැනිමට තරම් එය කෲර වී ඇතැයි ඔහු පෙන්වා දෙයි. පසුගිය වසරේදී එවැනි සිද්ධි 280 ක් කොමිසන් සභාවට වාර්තා වී ඇත. වාර්තා නොවු සංඛ්‍යාව ඊට වැඩියැයි විශ්වාස කෙරේ. මෙම තත්වය යටතේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුලත්වීමට අකමැත්තක් දක්වන අතර පැමිණි සිසුන්ද විශ්ව විද්‍යාල අතහැර යමින් සිටී.
ඇතැම් ශීෂ්‍ය සංගම් මෙහිදී නොමනා අයුරින් නීති විරෝධි ආකාරයට හැසිරෙයි. දැනට පනවා ඇති නිති උපයෝගී කරගනිමින් ඉදිරියේදී මෙවැනි කටයුතුවලට දායක වන අයට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව ඇමතිවරයා කිීවේය.