සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ සදහා අනිවාර්‍යය කෙරේ

Share Button

රජය ක්‍රියාත්මක කරන එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රැකියා පනස් දහසක් බිහිකිරීම ඉලක්කය වී තිබේ. එහිදී වසර 2025 දැක්ම වෙනුවෙන් ජාතික මට්ටමින් දිස්ත්‍රික්කයන්හි ප්‍රදර්ශන පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවි තීබේ. මහරගම අපේක්ෂා රෝහලට එම්. ආර්. අයි. යන්ත්‍රයක් සහ මහනුවර ශීක්‍ෂණ රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් කඩිනමින් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුන බව ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේය.

එමෙන්ම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ සදහා අනිවාර්යය විෂයයක් බවට පත්කෙරේ. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ කොළඹ අද පැවැති සාකච්ඡාවේදී කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...