රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව ජනාධිපතිතුමා විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් දැනුවත් කරයි
ශ්‍රී ලංකාව තුල මේ වනවිට ඇතිවී තිබෙන දේශපාලන තත්ත්වය පිළිබදව විදෙස් තානාපතිවරු හා මහකොමසාරිස්වරු දැනුවත් කෙරෙති. ඒ සදහා සංවිධාන කළ හමුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පස්වරුවේ පැවැත්විණි.
නව අගමැතිවරයෙකු පත් කිරීමට තමා ගත් තීරණයට හේතු වු පසුගිය රජයේ පැවති ගැටඵ සහගත තත්ත්වය පිළිබදව එහිදී ජනාධිපතිතුමා තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් දැනුවත් කළේය. රටේ පවතින ව්‍යවස්ථාවට අනුකුලව හා තමන්ට පැවරී ඇති බලතල අනුව තමා අගමැතිවරයා පත් කළ බව එතුමා සදහන් කළේය.
රටේ ව්‍යවස්ථාවට අනුකුලව හා රට තුල සාමය ආරක්ෂා වන පරිදි සියලු කටයුතු සිදු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව විදෙස් තානාපතිවරු කිහිප දෙනෙක් එහිදී පැවසුහ.
නව රජය නොබැඳි පිළිවෙත අනුව සියලු රටවල් සමග සබඳතා ශක්තිමත්ව පවත්වාගෙන යන බව පැවසු ජනාධිපතිතුමා රජයේ සංවර්ධන කටයුතු සදහා සෑම රටකම සහාය අපේක්ෂා කරන බවද සදහන් කළේය.
ප්‍රජාතන්ත්‍රවාදය . මානව හිමිකම් . මාධ්‍ය නිදහස . සාමය හා සියලු ජාතීන් අතර සහජීවනය තවදුරටත් තහවුරු කරමින් ශක්තිමත්ව ඉදිරියට යාම නව රජයේ අපේක්ෂාව බවද එතුමා පැවසීය. ශ්‍රී ලංකාවේ සිටින සියලුම විදෙස් තානාපතිවරු හා මහකොමසාරිස්වරු හමුවට එක්ව සිටියහ.