ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝගයන්ට අනකූල නොවු පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා ප්‍රසිද්ධ නොකරන්නැයි සභානායක කාර්යාලයෙන් ඉල්ලීමක්
කථානායකවරයා ස්ථාවර නියෝගවලට පටහැනිව ක්‍රියාකරන බැවින් අද දිනයේ ද පාර්ලිමේන්තුවේ සභාවාරයට සහභාගි නොවු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතා පැවසීය. අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව රැස්කිරිම ව්‍යවස්ථාවට පටහැනි බවයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා න්‍යාය පත්‍රයට අනුකූලව පාර්ලිමේන්තුව රැස්කර නොමැත. පාර්ලිමේන්තුව සිරිකොත මන්දිරය ලෙස කටයුතු කිරිම පිළිගත නොහැකි බව ද ඔහු කිවේය. පවතින තත්ත්වය හමුවේ කථානායකවරයා අවලංගුවී ඇතැයි දිනේෂ් ගුනවර්ධන මහතා කියයි.
වත්මන් කථානායකවරයා පාර්ලිමේන්තු සම්ප්රදාය විනාශ කොට ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය. කථානායකවරයාගේ සැගවුනු න්‍යාය පත්‍රයේ කොටස් කරුවන් වීමට තමන් සූදානම් නොමැති බව ද ඔහු කිවේය. කථානායකවරයා හැන්සාඩ් වාර්තාව විකෘති කර ඇත.
පාර්ලිමේන්තුව රැස්වීම නීතිවිරෝධි බව ඇමති එස් බී දිසානායක මහතා පැවසීය. මීට පෙර සිටි කථානායකවරුන් ආදර්ශයට ගෙන වත්මන් කථානායකවරයා ක්‍රියා කල යුතුයි ඔහු කියයි.