වතු කම්කරුවන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අගමැතිගෙන් දෙපාර්ශවයට උපදෙස්
දෙනික වැටුප වැඩි කර ගැනීම සඳහා වතු කම්කරුවන් ගෙන යන අරගලය සම්බන්ධයෙන් සාකච්ඡාවට තීරණයක් ගෙන ලබන මස 03 වෙනිදා තමන්ට දැනුම් දෙන ලෙස අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා වතු කම්කරු සංගම් නියෝජිතයන් ට සහ වතු හාම්පුතුන්ට දැනුම් දී ඇත.
වතු කම්කරුවන් බලාපොරොත්තු වන වැටුප සහ හාම්පුතුන් විසින් ලබා දීමට අපේක්ෂා කරන වැටුප පිලිබදව සාකච්ඡාවෙන් තීරණයක් ලැබිය යුතුව ඇත.
අද (29) අග්රාමාත්ය කාර්යාලයේදී මෙම ගැටළුව සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අග්රාමාත්යවරයා මෙම උපදෙස් දී ඇත.