අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරුවේ දී වැසි
අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරුවේ දී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුර . උතුරුමැද පළාත්වලත් . ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මිලිමිීටර් 150 ඉක්මවු තද වැසි ඇතිවේ.දිවයිනේ ඊසානදිග හා නිරිතදිග ප්‍රදේශවල ක්‍රියාකාරී වලාකුඵ් පද්ධතියක් ද වර්ධනය වන බව දෙපාර්තමේන්තුව කියයි.
අකුණු සහ ගිගිරුම් සහිත වැඩි වශයෙන් අද දිනයේ ඇති වීමේ අවදානම නිසා ආරක්ෂිත පියවර අනුගමනය කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් කඩා වැටීමේ අවදානම පවතී. ඕනෑම හදිසි අවස්ථාවක දී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.