ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින සියල්ලන් මේ මොහොතේ බලාපොරොත්තු සහගතව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කියයි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින සියල්ලන් මේ මොහොතේ බලාපොරොත්තු සහගතව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 2015 වසරේ එක්සත් ජාතික පෙරමුණු රජය බලයට පත්වීමෙන් පසු අධිකරණය ඇතුඵ බොහෝ අංශ ස්වාධින ස්ථාන බවට පත්කළ බව ඔහු කියා සිටි. මේ අතර. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්විමක් අද පස්වරු 6.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. වර්තමාන දේශපාලන තත්ත්වය හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මේ අතර. ඉදිරි දේශපාලන තීන්දු ගන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි. එම තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් ඉවසිලිවන්තව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝන් සෙනෙවිරත්න මහතා කියා සිටි.