එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දිම හෙට

Share Button

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ දිවුරුම් දීම සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මීට පෙර සිව්වතාවක් කටයුතු කර ඇති අතර අද දිවුරුම් දුන්නේ පස්වැනි වතාවටය.
ඔහු 1993 /94 .2001/2004. සහ 2015/2018 . යන කාලවල අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව වික්‍රමසිංහ මහතා 1994/2001 සහ 2004/2015 යන කාලවලදි විපක්ෂ නායක ධුරය ද හෙබවිය. 1977 සමයේදි ශ්‍රි ලංකාවේ ළාබාලම කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් වූයේද රනිල් වික්‍රමසිංහ මහතායි. 1994 දී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට වික්‍රමසිංහ මහතා පත්විය 1977 පැවති මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් බියගම ආසනය නියොි්ජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු ප්‍රථමයෙන් ජේ.ආර්. ජයවර්ධන රජයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිවරයා ලෙස සේවය කළේය. පසුව ඔහු. තරුණ කටයුතු හා රැකියා කර්මාන්ත විද්‍යා හා තාක්ෂණ . අධ්‍යාපන . නිතිය හා සාමය. ප්‍රතිපත්ති සැලසුම් . ආර්ථික සංවර්ධන වැනි අමාත්‍යධුර දරමින් රටේ සහ ජනතාවගේ උන්නතිය පිණිස ක්‍රියා කළ පරිනත දේශපාලනඥයෙකි. නිදහස් වෙළෙඳ කලාප පිහිටුවිම සදහා මුලික වි කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලය තුළදි රට ණයබරින් නිදහස් කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර රැකියා ප්‍රශ්නය විසදිම වැනි අරමුණු ඉටු කරගැනිම පිණීස කැපවිමෙන් සේවය කර ඇත ජාත්‍යන්තර සබඳතා පුඵල් ලෙස පවත්වාගෙන යමින් රට ඉදිරියට ගෙනයාමට වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුඵව වැනි ජාත්‍යන්තර සම්මේලන සදහා ශ්‍රි ලංකාව නියෝජනය කළේය . ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර මානව හිමිකම් සුරක්ෂිත කරමින් දුෂණ වංචා පිටුදැකිමටත් ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සදහාත් ප්‍රමුඛත්වය දි කටයුතු කළ දේශපාලනඥයෙකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...