මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයක

Share Button

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලි මහතා ඉන්දියාවේ නිල සංචාරයක් අරඹමින් අද නවදිල්ලි නුවරට පැමිණෙයි. ඔහු හෙට ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරයි. මෙම හමුවෙන් පසු දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබේ
====
48 වන බංග්ලාදේශ ජාතික විරවරුන්ගේ දිනය සැමරිම අද සිදුවිය. බංග්ලාදේශ ජනාධිපති අබ්දුල් හමීඩ් මහතාගේ සහ අග්‍රාමාත්‍ය ෂික් හසිනා මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරිණි. මේ අවස්ථාවට එරට ආරක්ෂක අංශ සාමාජිකයෝ ඇතුලු විශාල පිරිසක් එක්වුහ..
====
ඉන්දිය හිටපු අග්‍රාමාත්‍ය මන්මොහන් සිං මහතාගේ ජිවිත කතාව ඇතුලත් කර නිෂ්පාදනය කෙරුණු සිනමා පටය තිරගත කිරිම සදහා සියලු කටයුතු සුදානම් කර තිබේ. ඉන්දිය අග්‍රාමාත්‍ය ධුරයට පත් ප්‍රථම සිීක් ජාතිකයා වන්නේ මන්මෝහන් සිං මහතායි. භාරතිය සම්මානනීය සිනමා අධ්‍යක්ෂ විජය ගූඩ් මහතාගේ අධ්‍යක්ෂණයෙන් යුත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන්නේ සම්මානනීය රංගන ශිල්පිී අනුපම් බේර් විසිනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...