ලෝක බැංකු සභාපතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කරයි
සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ලෝක බැංකු ප්‍රධානී ජිම් යොන්ග් කිම් තීරණය කරයි. ඔහු වසර 6 ක් අඛණ්ඩව එම ධුරයේ කටයුතු කළේය. ඒ අනුව ලබන මස පළමුවැනිදා සිය ඉල්ලා අස්වීම බලසහිත වන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදි ලෝක බැංකු ප්‍රධානියා සදහන් කළේය. 59 හැවිරිදි ජිම් යොන්ග් කිම් මහතා ධුරයෙන් විශ්‍රාමයාමට නියමිතවුයේ 2022 වසරේදීය. පළමු වසර පහ ලෝක බැංකු ප්‍රධානියා ලෙස කටයුතු කළ ඒ මහතා 2017 වසරේදී යළිත් එම ධුරයට වසර පහක් සදහා තේරී පත්විය. ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික කරුණක් බව ඔහු කියයි.