මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවල ගංවතුරින් විනාශවු නිවාස යලි ඉදිකිරීම ඇරඹේ

Share Button

මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවල ගංවතුරින් විනාශවු නිවාස වෙනුවට නව නිවාස ඉදිකිරීම ඇරඹේ. නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයෙන් පසුගියදා එම වැඩසටහන ආරම්භ කෙරින. ලබන අප්‍රේල් මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ඒ සියලු නිවාසවල ඉදිකිරීම් නිම කරන බව ඇමතිවරයා එහිදී සදහන් කළේය.

මුලතිව් හා වව්නියාව දිස්ත්‍රික්කවල නිවාස පන්දහසක් ගංවතරින් හානිවී තිබේ. එක් නිවසක් යලි ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් පන්ලක්ෂ 50 දහසක මුදලක් සපයයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරු නිවාසලාභිහු තෝරා ගනිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...