සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට මේ වසරේ දී සිසුහු 75 දෙනෙක් ඇතුලත් කර ගැනෙති

Share Button

සබරගමු විශ්ව විද්‍යාලයේ පසුගියදා ආරම්භ කළ වෛද්‍ය පීඨයට වෙනත් වෛද්‍ය පීඨවල සිටින ආචාර්යවරුන්ගේ සහ මහාචාර්යවරුන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතා පවසයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක් වෙමින් ඔහු මේ බව කීවේය. වසරින් වසර විශ්ව විද්‍යාල සදහා වැඩි ශිෂ්‍ය පිරිසක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මේ වසර සදහා තිස් දහසකට අධික සිසුන් පිරිසක් බඳවා ගැනීමට නියමිතයි. සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඉකුත් උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් ලබා ගත් සිසුන් 75 දෙනෙකු ඇතුලත් කර ගැනීමට නියමිත බව උපකුලපතිවරයා පැවසීය. මේ වසර වෙනුවෙන් විශ්ව විද්‍යාලවල සියලුම වෛද්‍ය පීඨ සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 1480 දෙනෙක් බඳවා ගැනෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...