අගුණකොළපැලැස්ස බන්ධනාර සිදුවීමේ කමිටු වාර්තාවක් අධිකරණ අමාත්‍යවරියට

Share Button

2018 වසරේ නොවැම්බර් මස 22 වන දින අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිළධාරීන් විසින් රැදවියන්ට එල්ල කළ අමානුෂික පහරදීම පිළිබඳ සොයා බැලීමට පත් කළ පළමු ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව අද (21) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වෙත බාර දීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අධිකරණ අමාත්‍යවරිය විසින් පරීක්ෂණ කණ්ඩායම් 2ක් පත් කරනු ලැබීය.

අද ඉදිරිපත් කරනුයේ බන්ධානාගාර කොමසාරීස් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පරික්ෂණ කමිටුවේ වාර්තාවයි.

බන්ධනාගාර ජේලර්වරුන් රැඳවියන්ට පහර දෙන වීඩියෝවක් මාධ්‍ය වෙත මුදා හැර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිරකරු අයිතීන් සුරකීමේ කමිටුව පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර තිබුණි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට පත් කළ දෙවන පරික්ෂණ කමිටුවේ වාර්තාව එළඹෙන 25 වන දිනට පෙර අධිකරණ අමාත්‍යවරිය වෙත ලබා දීමට නියමිතය.

එහි සාමාජිකයන් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. එම්. නානායක්කාර. රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී. එම්. එම්. එම්. බස්නායක . අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් පී. ඩී. ඒ. ස්වර්ණලතා යන මහත්ම මහත්මින් නම්කර ඇත.

ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවෙන්ද, වෙනම පරීක්ෂණයක් මෙම සිද්ධිය පිළිබඳ ආරම්භ කර ඇත.

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...