ඊමේල් හරහා බැංකු ගනුදෙණු ප්‍රවේශමෙන්
විද්‍යුත් තෑපෑල මාර්ගයෙන් ව්‍යාපාර ගනුදෙනු සිදු කිරීමේ දී මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා එවන ඊමේල් පණිවිඩ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසඳය දැනුම් දෙයි. ඊ මේල් පණිවිඩ මඟින් බැංකු ගිණුම් වෙනස් කළ බවට කරන දැනුම් දීම් වලදී විමසිලිමත්ව එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සිදු කල යුතු බව හදිසි ප්‍රතිකාර සංසඳයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.