සේනා දළඹු උවදුරෙන් විනාශ වු වගා සඳහා වන්දි

Share Button

සේනා දළඹු උවදුරෙන් විනාශ වු වගා සඳහා වන්දි ලබාදිමට රජය තිරණය කරයි. ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් හතලිස් දහසක උපරිමයකට යටත්ව වන්දි පිරිනැමේ.

මේ අතර  ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ද මෙම ගැටඑව පිළිබඳව මැති ඇමතිවරු විවිධ අදහස් පලකලහ.

සේනා දළඹුවාගේ ගැටඑව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය හමුවේ පුඑල්ව සාකච්ඡා වු බවත් , එම ගොවීන්ට සහන ලබාදීමට කැබිනට් තීරණ ගනනාවක් ගෙන තිබෙන බවත්  ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , දළඹුවා මර්දනයට රජය නිසි ක්‍රියාමාර්ග ගෙන නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මතු කළ පැනයට පිළිතුරු දීමක් වශයෙනි .

මෙම ගැටඑව දෙස දේශපාලන කෝණයකින් නොබැලිය යුතු බව සහ රජයේ හොඳ වැඩ සඳහා විපක්ෂයේ සහාය ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර මහතා ද  එහිදී සඳහන් කළේය.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *