පානිය ජලය සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරිමට ලෝක බැංකුවේ සහාය

Share Button

මෙරට පානිය ජල සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරිමට ලෝක බැංකුවේ සහාය පළ වෙයි.

ලෝක බැංකු නියෝජිත තකූයා කමටා මහතා සහ ප්‍රතිභා මිස්ට්‍රි මහත්මිය ඇතුඵ නියෝජිත පිරිසක් අමාත්‍ය රාවුෆ් හකීම් මහතා සමග ඊයේ (29)  කළ සාකච්ඡාවකදි මෙම කරුණු අනාවරණය විය.

මේ වනවිට දිස්ත්‍රික්ක හතක ක්‍රියාත්මක ජල හා සනිපාරක්ෂක ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 14 ක් දක්වා ව්‍යාප්ත කිරිමට අමාත්‍යවරයා මෙහිදි කළ ඉල්ලිමට ලෝක බැංකු නියෝජිත පිරිසගේ එකගතාව පළ වී ඇත.

දුෂ්කර පළාත් සදහා ද මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කෙරෙන අතර , ජලය සදහා කාර්ය සාධක බලකායක අවශ්‍යතාව ද අමාත්‍යවරයා විසින් නියෝජිතයන්ට පෙන්වා දී තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...