වැවයි දාගැබයි ගමයි පන්සලයි
වැවයි දාගැබයි ,ගමයි පන්සලයි සංකල්පය යටතේ සංවර්ධනය සහ අධ්‍යාත්මික සංවර්ධනය පිණිස දිවයිනේ දිස්ත්‍රික්ක 25 ක් තුළ දාගැබ් නොමැති විහාරස්ථාන 25 ක දාගැබ් ඉදිකිරීමේ ව්‍යපෘතිය , දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනපතිගේ 94 වෙනි ජන්ම දිනය යෙදී ඇති මේ මස 23 වෙනි දින අනුරාධපුරයෙන් ආරම්භ කෙරේ.
නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ. ජාතික නිවාස අධිකාරිය යටතේ පවතින සෙවණ අරමුදල යටතේ ඇරඹෙන මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා විද්වතුන් හා රාජ්‍ය නිළධාරීන් කටයුතු කරනු ලබයි.