ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වටිනා පිටපත් විදේශීය රටවලට ලබාදීම සම්බන්දයෙන් ජනාධිපතිතුමාගෙන් හෙලිදරව්වක්

Share Button

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව සතු වටිනා ලිපි ලේඛනවල පිටපත් විදෙස් රටවලට ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. මෙසේ පිටපත් ලබා දී ඇත්තේ රජයේ කිසිදු අනුදැනුමකින් තොරව බවද ජනාධිපතිතුමා කියයි. මතින් නිදහස් රටක් වැඩසටහනේ 13 වන දිස්ත්‍රික් සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පල කළේය. එය මාතර දිස්ත්‍රික්කයේ පැවැත්විණ. මේ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා පැවසුවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එරෙහි වන්නේ එම ජාවාරමේ නිරත පාර්ශව බවයි. එම පාර්ශව රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන අවඥාවට ලක් කොට ඉන් පටු වාසි අපේක්ෂා කරයි. ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බවද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.