නිදහසේ නිසි ඵල නෙලා ගැනීමට ජාතික . ආගමික සංහිඳියාව මෙන්ම සහජිීවනය අත්‍යවශ්‍ය බව ආගමික නායකයෝ පෙන්වා දෙති

Share Button

මෙරට පිටිසර ගම්දනව්වල වාසය කරන අහිංසක ජනතාවගේ දිළිදු බව තුරන් කොට ආර්ථික හා අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීමට අනලස්ව ක්‍රියාකළ යුතු කාලය එළැඹ ඇතැයි නිදහස් දින පණිවිඩයක් නිකුත් කරමින් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රීී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ පවසති. ශ්‍රී ලංකාව නිදහස දිනා වසර 71 ක් ගතවී ඇති නමුත් දිනා ගත් නිදහස වඩාත් අර්ථවත් කර ගැනීමට අපි අපොහොසත්ව සිටිමු. එබැවින් දේශපාලන . පක්ෂ භේද අමතක කොට නිදහසේ නිසිඵල නෙලාගෙන දේශමාමකත්වයෙන් හා යහගුණයෙන් පෝෂණය වු සෞභාග්‍යයෙන් සපිරි රටක් ඇති කර ගැනීමේ අවශ්‍යතාව උන්වහන්සේ පෙන්වා දෙති.

71 වන නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන මෙම අවස්ථාවේ මනුෂ්‍ය ගුණධර්ම අගයන ජාතික . ආගමික . සමාජයීය සහ සංස්කෘතික අනන්‍යතාවන් සුරැකෙන පරිදි අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු නිවහල් ජාතියක් ලෙස කටයුතු කරන සමාජයක් බිහි කිරීම අප කාගේත් යුතුකම බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රිී ඥාණරතන නායක ස්වාමින් වහන්සේ පවසති.
ජාතික දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ශ්‍රිී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපාන පේමසිරි නාහිමියෝ ජනතාව වෙනුවෙන් සිදු විය යුතු තම ප්‍රධාන කාර්යය රටේ ආර්ථික සමෘද්ධිය වර්ධනය කිරීම බව සලකා සමගියෙන් . සහෝදරත්වයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙති.
රටේ ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම පිණිස රජය ඇතුඵ ජනතාව වඩාත් වේගවත් ගමනක් යායුතුව ඇතැයි ජාතික දින පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රිී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමින් වහන්සේ සදහන් කරති.
71 වෙනි ජාතික දින සැමරුම නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන රාමක්‍රිෂ්ණා මිෂන් හි කොළඹ ශාඛාවේ උපසභාපති සහ සභාපති ි අක්ෂරාත්මානන්ද ස්වාමිතුමා පෙන්වා දෙන්නේ අද වැනි දිනක සියලු පුරවැසියන් තමන් වගකිව යුතු හා උගත් පුරවැසියන් බවට අවධාරණය කරමින් සපථ කළ යුතු බවයි. ජාතික ඉලක්ක ළගා කර ගැනීමට සිය යුතුකම ඉටු කරමින් සියලු දෙනා වෙහෙස වී වැඩ කිරීමේ අවශ්‍යතාව ද එතුමා පෙන්වා දෙයි.
අපගේ මුතුන් මිත්තන් ජාති ආගම් භේද නොතකා රටේ නිදහස වෙනුවෙන් අරගල කළාක් මෙන් අපද ජාති ආගම් හා දේශපාලනයෙන් ඔබ්බට ගොස් මව් රටේ දියුණුව උදෙසා කැප විය යුතු බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටී. බෞද්ධ . හින්දු . මුස්ලිම් . ක්‍රිස්තියානි ආදී බහු ආගමිකයන් ජීවත් වන ශ්‍රිී ලංකාව සමෘද්ධිමත් හා සංවර්ධිත රටක් වශයෙන් වැජඹිය යුතුය යන්න තම අපේක්ෂාව බවද එම සම්මේලනය නිකුත් කළ ජාතික දින පණිවිඩයෙහි දැක්වේ.

විදේශීය අධිරාජ්‍යවාදීන් යටතේ අප ජන සමාජය ශත වර්ෂ ගණනාවක් පැවතියද අපගේ ප්‍රබල ආගමික ශිෂ්ටාචාරයත් . දේශීය අනන්‍යතාවත් විනාශ නොවී රැකුනේ ජනතාවගේ ගැඹුරු අධ්‍යාත්මිකත්වය නිසා බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. එබැවින් අපගේ වටිනා ආචාර ධර්ම සහ හර පද්ධතිය පරිහානියට ලක්වීමට කිසිවෙකුට ඉඩ නොදිය යුතු බව උන්වහන්සේ නිකුත් කළ ජාතික දින පණවිඩයෙහි සදහන් වේ.
සියලු පුරවැසියන්ට සාධාරණය සහ සාමය හිමි වන ධර්ම ද්වීපයක් වන රටක් සැබවින්ම බිහි කළ හැක්කේ සියලු දෙනා එකට එක් වී කටයුතු කිරීමෙන් පමණක් බව ලංකා සභාවේ අතිගරු දිලෝරාජ් ආර් කනගසබේ බිෂොප්තුමා පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
මෙම වැදගත් නිදහස් දින සැමරුම් අවස්ථාවේදී සත්‍යය . යුක්තිය හා සමානාත්මතාව රජයන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙතෝදිස්ත සභාවේ ගරු ආසිරි පී පෙරේරා රදගුරුතුමා පෙන්වා දෙයි.
වරින් වර විවිධාකාරයේ ගැටඵ ඇති වුවද ශ්‍රිී ලාංකිකයන් වශයෙන් අන්‍යොන්‍ය විශ්වාසයෙන් සහ අවබෝධයෙන් සමගිය ආරක්ෂා කර ගනිමින් සංවර්ධනය කරා පියවර තැබීමේ මහගු අවස්ථාවකට යලි අප එළැඹ ඇතැයි ජාතික දින පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. කවර ආකාරයේ දේශපාලන මතවාද දැරුවද ඒ සියල්ල පසෙකලා රටේ නිදහස් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කර ගනිමින් එකම ජාතියක් ලෙස නැගී සිට රට දියුණුව කරා ගමන් කරවීමට අදිටන් කර ගත යුතුව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...