රත්ගම ව්‍යාපාරිකයන්ගේ ඝාතනය පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් විමර්ශන
රත්ගමදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරිමේ සිද්ධියට අදාලව පරික්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
පැමිණිල්ලකින් තොරව , මාතර මානව හිමිකම් කොමිෂන් කාර්යාලය මඟින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මංජුල අසේවල සහ රෂීන් චින්තක නැමැති ව්‍යාපාරිකයන් පහර ගෙන ගොස් අක්මීමන ප්‍රදේශයේ නිවෙසක් තුළ දී පහර දී ඝාතනය කර වලස්මුල්ල මැදගන්ගොඩ උඩ දෙණිය රක්ෂිතයේදී එම සිරුරු ඩීසල් යොදා ගනිමින් ගිනි තබා ඇති බව සඳහන් සිද්ධිය සම්බන්ධව කිසිදු පාර්ශවයක් මෙතෙක් මානව හිමිකම් කොමිශන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැත.
ඒ අනුව කිසියම් පාර්ශවයක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හොත් ඊට අදාලව වෙනම පරික්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු යොදන බව ද කොමිෂන් සභාව වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ ඒකකයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් පරීක්ෂකවරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔවුන් අද (27) ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අතර ලබන මස 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග ලැබී ඇත.