මෙවර අපොස සාමාන්‍ය පෙල සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරිම දැන්
මෙවර අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනි සිටින සිසුන් සදහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරිම දැන් ආරම්භ කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් හා තොරතුරු තාක්ෂණ කොමසාරිස් හර්ෂ ඉලුක්පිටිය මහතා කියයි.
අදාල අයදුම්පත් ලබන 31 වැනිදාට පෙර දෙපාර්තමේන්තුවට යොමුකරන්නැයි චක්‍රලේඛයක් මගින් සියලු විදුහල්පතිවරු දැනුවත් කර තිබේ.
මෙවර සිසුන් තුන්ලක්ෂ පනස්දහසකට ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමට නියමිතය එහෙත් මෙතෙක් දෙපාර්තමේන්තුවට ලැබි ඇත්තේ අයදුම්පත් තිස්දහසක් පමණක් බව ඉලුක්පිටිය මහතා කියයි.