කථානායක කරූ ජයසුරිය මහතා මල්වතු මහා විහාර පාර්ශවයේ ශාසන කිර්ති ශ්‍රි දේශාභිමානි විශේෂ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි.
මල්වතු මහා විහාර පාර්ශවයේ ශාසන කිර්ති ශ්‍රි දේශාභිමානි විශේෂ ගෞරව සම්මානය මල්වතු මහාවිහාරස්ථ උපෝසතාගාරයේදි අද පස්වරුවේ කථානායක කරූ ජයසුරිය මහතාට පිරිනැමුනි. මල්වතු මහා පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල ස්වාමින්වහනසේ ප්‍රමුඛ කාරක මහ සංඝ සභාවේ තිරණය මත එම ගෞරව සම්මානය පිරිනැමිය. එහිදි විශේෂ අනුශාසනාවක් කළ අස්ගිරි මහ විහාරාධිකාරි අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ශ්‍රි ධම්මදස්සි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කලේ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු නොසන්සුන්කාරි තත්වය හමුවේ කරූ ජයසුරිය මහතා නීතිගරුකව කටයුතු කළ බවයි. ඩඩ්ලි සේනානායක හා ඩී එස් සේනානායක වැනි නායකයින්ගේ ජන්ම භූමිය වු මීරිගම ප්‍රදේශයේ උපත ලැබූ ජයසුරිය මහතා දේශපාලන ක්ෂේත්‍රයට ආදර්ශමත් චරිතයක් බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලහ.