කිසිඳු ආකාරයකින් ශ්‍රි ලංකාවට අහිතකර ක්‍රියාවලියකට තම රට දායකත්වය නොදෙන බව ප්‍රංශය කියයි.

Share Button

පෞද්ගලික න්‍යායපත්‍රයකින් තොරව ශ්‍රි ලංකාවේ තත්ත්වය පිළිබඳව අත්දැකීම් අනුව තින්දු තිරණ ගන්නා බව මෙරට ප්‍රංශ තානාපති එරික් ලැවර්තු මහතා පවසයි. කිසිඳු ආකාරයකින් ශ්‍රි ලංකාවට අහිතකර අයුරින් තම රට ක්‍රියා නොකරන බව ඔහු අස්ගිරි පාර්ශවයේ මහානායක අති පුජ්‍ය වරකාගොඩ ඥානරතන ස්වාමින්වහන්සේ හමුවී පැවසීය. තානාපතිවරයා අද පෙරවරුවේ අස්ගිරි මහා විහාරස්ථානයට පැමිණ මහානායක ස්වාමින්වහන්සේ බැහැදුටුවේය. ශ්‍රි ලංකාවේ සංවර්ධනය සඳහා ප්‍රංශය අඛණ්ඩව දායකත්වය ලබාදෙමින් සිටි.

මාතලේ ප්‍රදේශයේ වැව් කිහිපයක්ම සංවර්ධනය කරමින් කෘෂිකර්මාන්තයේ උන්නතියට දායකත්වය ලබාදී ඇතැයි ද ඒ මහතා මහානායක ස්වාමින්වහන්සේ හමුවේ පැවසීය. මහනුවර නගරයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන සංරක්ෂණය කොට එහි වැදගත්කම ආරක්ෂා කිරිම සම්බන්ධ වැඩසටහනකට අවධානය යොමුවී ඇත. වායු දුෂණය මෙන්ම අධික වාහන තදබදය පිළිබඳව දැනට වඩා අවධානය යොමුකළ යුතුව ඇතැයි ප්‍රංශ තානාපතිවරයා කිවේය. ප්‍රංශය දියුණුව කරා යොමුවිමේදී කැපවිම් රාශියක් සිදුකර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන නරගවලට වර්තමානයේදි පුද්ගලික වාහන පැමිණෙන්නේ අවම වශයෙන් බව ඔහු පෙන්වා දුන්නේය. බොහෝ දෙනෙකු දුම්රිය පොදු මගී සේවා ප්‍රයෝජනයට ගනී. මහනුවර නගරයේ ඇතැම් සංවර්ධනාත්මක කරුණු පිළිබඳව රජයට යෝජනා ඉදිරිපත් කළ බව තානාපතිවරයා කීවේය. ශ්‍රි ලංකා රජය නිසි නායකත්වයක් ලබා දෙන්නේ නම් ප්‍රංශ රජයේ මැදිහත්විමෙන් වැදගත් සංවර්ධන ව්‍යාපෘති දියත්කල හැකියැයි ප්‍රංශ තානාපතිවරයා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.