රටට එල්ලවි තිබූ ජාත්‍යන්තර පිඩනය අඩුකර ගැනිමට වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවු බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Share Button

රජයේ ගෙවුනු වසර කිහිපයේදි රටට තිබු ජාත්‍යන්තර පිඩනය අඩුකර ගැනිමට හැකිවු බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදි පැවසීය. එක්සත් ජාතින්ගේ මානව හිමිකාම් කොමිසම ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මෙරටට අහිතකර එකක් නොවේ. එමගින් ශ්‍රි ලංකාව ඇගයීමට ලක්කර ඇත. ජාත්‍යන්තර බලපෑම් පිළිබඳ කථාකිරිමට පෙර මෙරට ප්‍රධානතම රණවිරුවා වු හිටපු හමුදාපතිවරයා හිරේ දැමිම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අමතක නොවන බව ඒ මහතා කිවේය.

අයවැය කාරකසභාව අවස්ථාවේ හයවැනි දිනය අදයි. රාජ්‍ය ව්‍යවසාය. කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධනය. ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ පිළිබඳ අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ අද සාකච්ඡා කෙරේ. ඊට එක්වු කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසුවේ රජයේ කටයුතු ඩිජිටල්කරණය කරන බවයි. තොරතුරු තාක්ෂණය මගින් ඩොලර් මිලියන 1200 ක අපනයන ආදායමක් ලැබේ. වසර 2022 දී එය ඩොලර් මිලියන පන්දහසක් දක්වා වැඩිකර ගැනිම ඉලක්කයයි. දැනට අසුදහසක් වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියැලි සිටින පිරිස වසර 2022 වන විට ලක්ෂ දෙක ඉක්මවනු ඇතැයි ද ඔහු විශ්වාසය පලකරයි. තොරතුරු තාක්ෂණ විෂය නොවන ඕනෑම උපාධියක් ලබාගත් උපාධිධාරියෙකුට තොරතොරු තාක්ෂණ දැනුම ලබාගැනිම සඳහා මසකට රුපියල් විසිපන්දහසක දීමනාවක් රජය ලබාදෙනු ලැබේ. කාර්මික විද්‍යාලවල තොරතුරු තාක්ෂණය හදාරණ සිසුන්ට උපාධිය ලබාදිමේ ක්‍රමවේදයක් ද හඳුන්වාදි ඇත. තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කෙරේ. ඊ ග්‍රාමනිලධාරි ව්‍යාපෘතියක් ඇරඹේ. මේ වසරේ පාසල් විද්‍යාගාර 100 ක් සඳහා පහසුකම් ලබාදෙනු ඇත.

රගර් ක්‍රිඩක තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කීවේය. එබැවින් ඒ පිළිබඳ පරික්ෂණ කටයුතු කඩිනම් කලයුතුයැයි ඔහු සඳහන් කලේය.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයින්ගේ අහිමිකළ අයිතින් යළි ලබාදිමට රජය ක්‍රියා කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි එම් වේලුකුමාර් මහතා කිවේය. තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්තියක අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රි තාරක බාලසුරීය මහතා පෙන්වා දුන්නේය.

රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවෙ කාර්යාල 45 ක් සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 332 ක් මගින් උප්පැන්න. විවාහ සහ මරණ සහතික කඩිනමින් ලබාදිමට පහසුකම් සලසා ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා සඳහන් කලේය. රටේ නිෂ්පාදන දිරිගන්වන වැඩපිළිවෙලක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවිීර මහතා කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...