පළාත් පාලන මැතිවරණයේදී සිදුවු වැරැද්ද පළාත් සභා මැතිවරණයේදී සිදු නොකළ යුතු යැයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම අරමුණ බව ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි. පළාත් සභා සීමානිර්නය ගැටඵවට හේතුවී තිබේ. පළාත් පාලන මැතිවරණයේදී සිදුවු වැරැද්ද පළාත් සභා මැතිවරණයේදී සිදු නොකළ යුතු යැයි ඔහු අද පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් සදහන් කළේය. පළාත් සභා මැතිවරණ සියල්ල එකවර පැවැත්වීම සිදුකළ යුතුය. ඉඩම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විධිමත් කිරීමට පියවර ගෙන ඇත. දිස්ත්රික් ලේකම් කාර්යාල 25 ම අංගසම්පුර්ණ ලෙස සංවර්ධනය කෙරේ. ගම්පහ. මාතලේ. මඩකලපුව දිස්ත්රික් ලේකම් කාර්යාල අලුතින් ඉදිකෙරේ. ප්රාදේශිය ලේකම් කාර්යාල ද නවීකරණය කිරීමට නියමිතයි. ඉන් කාර්යාල 180 ක වැඩ නිමාකර ඇත. වසර 2020 දී සියල්ල නිමකිරීම ඉලක්කයයි. ග්රාම නිලධාරින්ට ද නිලසෙවන කාර්යාල ඉදිකෙරේ. ඒ සදහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 30 කි. දිස්ත්රික් ලේකම් ප්රාදේශිය ලේකම් ග්රාම නිලධාරි කාර්යාලවල කාර්යභාරය පහසු කිරීම උදෙසා රාජ්ය සේවා කළමනාකරණ අධිකාරියක් පිහිටුවේ.