මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට
මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනතා අයිතියට පැවරේ. ඇමති අර්ජුණ රණතුංග මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය. ඉන් අනතුරුව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ පැවති දකුණු ලකට අලුත් මගක් ජාතික මහෝත්සවයට රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා ඇතුඵ පක්ෂ විපක්ෂ විපක්ෂ නියෝජිතයෝ හා චීන රජයේ නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ. පිලදුව හා වෙහෙරහේන උප දුම්රිය ස්ථාන ද කැකනදුර. බඹරැන්ද. වැවුරුකන්නල හා බෙලිඅත්ත දුම්රිය ස්ථාන ද මීට සමගාමීව ජනතා අයිතියට පැවරින.
මෙම දුම්රිය මාර්ගයේ දිග කිලෝමිටර් 26 යි දශම 7 යි 5 කි. වැයකර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 278 කි. පැයට කිලෝමිටර් 120 ක වේගයෙන් මෙහි දුම්රිය ධාවනය කළ හැකිය. මෙරට දිගම දුම්රිය උමං මාර්ගය උසම දුම්රිය පාලම හා දිගම දුම්රිය පාලම ද මීට අයත් වෙයි. මෙහිදී අදහස් දැක්වු ඇමති අර්ජුණ රණතුංග මහතා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනතා නියෝජිතයන් මෙම අවස්ථාවට එක්වීම පිළිබඳ අතිශය සතුටට පත්වන බව පැවසීය. කුමන ආණ්ඩුවක් බලයේ සිටියද සංවර්ධන කටයුතු කරගෙන යාමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කලේය. ඉදිරියේදී හම්බන්තොට හා කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම පිළිබඳව අවධානය යොමු කරන බව හෙතෙම පැවසීය.