සංචාරක කර්මාන්තය නැංවීමට ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය හදුන්වා දෙයි
සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන ඩොලර් බිලියන 3 යි දශම 5 ක ආදායම ලබන වසර වනවිට ඩොලර් බිලියන 07 ක් දක්වා වැඩිකර ගැනීම අපේක්ෂාවයි.
ඒ සදහා එම කර්මාන්තයේ දේශිය රැකියා අවස්ථා ප්‍රමාණය හයලක්ෂයක් දක්වා වැඩිකර ගැනීම බලාපොරොත්තුව වී තිබේ. එමෙන්ම සංචාරකයෙකුගේ දෛනික වියදම ඩොලර් 210 ක් දක්වා වැඩි කිරීම අවශ්‍ය වෙයි.
එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකා සංචාරක උපායමාර්ග සැලැස්ම දැන් ක්‍රියාත්මකයි. මේ යටතේ මෙරට සංචාරය කරන්නන්ගේ සමස්ත සංචාරක අත්දැකීම් ඉහල නැංවීම. සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ගෝලීය ආරක්ෂක ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් ජාතික මට්ටමේ තාක්ෂණ විසදුම් ක්‍රමවේදයක් ලෙස ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය හදුන්වාදීමට සැලසුම් කර ඇත.
එය ඒකාබද්ධ සංචාරක හා චාරිකා විශ්ලේෂණය. ඒකාබද්ධ ගෝලීය ගුවන් සමාගම් තොරතුරු ඒකාබද්ධ කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව පිරික්සිම මෙන්ම ඒකාබද්ධ සංචාරක රක්ෂණ හා ආරක්ෂාව තහවුරු කිරීම යන ප්‍රධාන සංඝටක තුනකින් සමන්විතය. මෙම ඩිජිටල් ක්‍රියාමාර්ගය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව පදනමකින් ක්‍රියාකිරීමට බලාපොරොත්තු වෙයි.