දිවයින පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

Share Button

දිවයිනේ ස්ථාන කිහිපයක අද උදෑසන සිදුවු පිපිරීම් සිදුවීම්වලින් පසු විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි. ඒ සදහා ත්‍රිවිධ හමුදාව යොදවනු ලැබ සිටිති. විශේෂ ආරක්‍ෂාව සැලසිය යුතු සියඵ ස්ථානවලටද ආරක්‍ෂාව සලසා තිබේ.

පොලිසිය සහ ආරක්‍ෂක අංශ අදාළ සිද්ධි පිළිබඳ පුඵල් විමර්ශන් ආරම්භ කර තිබේ. ඊට අදාළ තහවුරු කරන ලද නිල තොරතුරු කඩිනමින් ජනතාවට ලබාදීමටද කටයුතු කරන බව රජය අවධාරණය කරයි. එම සිදුවීම් පාදක කරගෙන සමාජ මාධ්‍යජාල සහ වෙනත් ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතී.

ඒවාට නොරැවටි සාමකාමීව කටයුතු කරන ලෙස ආරක්‍ෂක අංශ මහජනතාවට දැණුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ආරක්‍ෂක මණ්ඩලයේ හදිසි සාකච්ඡාවක්ද කැදවා තිබේ.

මෙම සිදුවීම් වාර්තාවු ස්ථානවල අනවශ්‍ය ආකාරයෙන් රැදී සිටීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. එය ජනතාවගේ ආරක්‍ෂාවට මෙන්ම අදාළ පරීක්‍ෂණවලට බාධාවක් වන බව පොලිසිය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...