ජාතික තවුහිත් ජමාත් සංවිධානය සතු රුපියල් කෝටි ගණනක මුදල් සහ වත්කම් සොයාගැනේ.

Share Button

ජාතික තවුහිද් ජමාද් ත්‍රස්තවාදී සංවිධානය සතු රුපියල් කෝටි ගණනක මුදලක් සහ රුපියල් බිලියන 7 කට වැඩි වත්කම් සොයාගැනීමට ආරක්‍ෂක අංශ සමත්වෙයි. පසුගිය දින කිහිපය තුළ සිදුකෙරුණු විමර්ශන සහ පරීක්‍ෂණවලින් මෙම වත්කම් සොයාගැනීමට හැකීවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මීගමුව පොලිස් වසම තුළ ඊයේ ඇතිවු සිදුවීමට අදාළව විමර්ශන පැවැත්ව්ීම සදහා පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පාසල්වලට ලබාදුන් ආරක්‍ෂාව ඉදිරියටත් නොකඩවා ලබාදීමට කටයුතු කරන බව පොලිසිය පවසයි. දෙමව්පියන් හෝ භාරකරුවන් පාසල වෙත දරුවන් යොමු කිරීමේදී වාහන තදබදයක් ඇති නොවන පරිදි එය සිදුකිරීමේ අවශ්‍යතාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *