ඉරානය සමග යුද්ධයක අවශ්‍යතාවක් නැතැයි එක්සත් ජනපදය කියයි
ඉරානය සමග යුද්ධයකට අවතීර්ණ විමට එක්සත් ජනපදයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා කියයි. දෙරට අතර දිනෙන් දින වර්ධනය වන නොසන්සුන්තාව හමුවේ ඔහු එම ප්‍රකාශය කර තිබෙ.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කුමේනිතුමන්ද එක්සත් ජනපදය සමග යුද්ධයකට එක් නොවන බව සදහන් කර තිබෙ.
කෙසේවෙතත් එක්සත් ජනපදය පසුගිය සතියේ ගල්ෆ් ප්‍රදේශයට යුද නෞකා හා ප්‍රහාරක ගුවන්යානා යැවිය. අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා දැන් රුසියාවේ සංචාරයක නිරතව සිටි.