රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදි ජනතාවාදි තින්දුවක්

Share Button

වර්තමානයේදි අවශ්‍ය ඇත්තේ විශ්වාස භංග ගෙන ඒම නොව කඩිනමින් අවශ්‍ය නීති සංශෝධනය කොට ගැටඑවලට ස්ථීර පිළියම් යෙදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේ වුවත් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයේදි ජනතාවාදි තින්දුවක් ගන්නා බව ඔහු ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කිවේය. දැනට කෙරෙන පරික්ෂා කිරීම් කඩිනමින් සිදුකර ජනතාව තුල පවතින සැකය දුරුකිරීම ආරක්ෂක අංශවල වගකීමයි.

සිංහල ජනතාව තුල ඇති භීතිය හා සැකය ඉවත්කළ හැක්කේ මුස්ලිම් ජනතාව සිය නිවෙස් හා පල්ලි පරික්ෂා කිරීමට ආරක්ෂක අංශවලට ස්වේච්ඡාවෙන් සහාය ලබාදීමෙන් පමණි.

හෙට්ටිපොල නරගයේ නොසන්සුන්කාරි වාතාවරණයට ප්‍රධාන ලෙස බලපෑවේ පොලීසියේ මන්දගාමිත්වය සහ නොසැලකිල්ල බව දයාසිරි ජයසේකර මහතා එහිදි සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...