එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු ශ්‍රි ලංකාවේ සිදුවිම් ගැන නොබෝදා කර ඇති ප්‍රකාශ මගින් ගැටඵ උග්‍ර කිරිමක් සිදුවන බව එම සංවිධානයේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත පවසයි.

Share Button

සියලු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් නිතිය හා සාමය පවත්වාගෙන යාමට සහ නොසන්සුන්කාරී තත්ත්වය නිම කිරිම පිණිස ශ්‍රි ලංකා රජය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටි. එවන් අවස්ථාවක අගතිගාමි ප්‍රකාශ කිරිමෙන් සිදුවන්නේ ගැටඵ තවත් උග්‍ර කිරිමක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය රොහාන් පෙරේරා මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමුහ ඝාතන වැලැක්විම පිළිබඳ විශේෂ උපදේශක ආදමා ඩියෙන්ස් සහ වගවිම පිළිබඳ උපදේශක කරීම් ස්මිත් පසුගිය 13 වැනිදා ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබු ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

ශ්‍රි ලංකාව වැනි රටවල් සටන් කරමින් සිටින්නේ ප්‍රචණ්ඩ අන්තවාදය පෙන්නුම් කරන පොදු සතුරෙකු වන ත්‍රස්තවාදය සමගයි මෙම සතුරා මෑත කාලයේ බොහෝ ප්‍රදේශවල අහිංසක ජිවිත බිළිගෙන ඇත. ශ්‍රි ලංකාව එක්සත් ජාතින්ගේ සංවිධාන පද්ධතිය සමග විවෘත හා ඵලදායි අන්දමින් කටයුතු කරන වකවානුවක මෙම ප්‍රකාශ කිරිම නිකුත් කිරිම සම්බන්ධයෙන් අප විශේෂයෙන් අසතුටට පත්වනබව ද ඔහු පෙන්වා දෙයි. පාස්කු ඉරිදා ශ්‍රි ලංකාවේ ප්‍රහාර ඉස්ලාමිය අන්තවාදින් විසින් සිදුකරන ලද්දක් බව පැහැදිලිව ලෝකය පිළිගෙන ඇත. ඔවුන්ට අයි.එස්. ත්‍රස්තවාදින්ගේ ආභාෂය ලැබි බවද ප්‍රකටය. එසේ නොමැතිව එය මෙරට පැවති කිසියම් තත්ත්යක හේතුවක් නිසා පැනනැගුණු දෙයක් නොවේ.

මෙම ප්‍රහාර විශේෂයෙන් යාඥාවල යෙදි සිටි කිතුනු බැතිමතුන් ඉලක්ක කොට සිදුවිය. මෙම ප්‍රහාරයෙන් පසු රජය නිතිය හා සාමය ආරක්ෂා කිරිමට පියවර ගණනාවක් ගත් බව ද ආචාර්ය රොහාන් පෙරේරා මහතා සිහිපත් කරයි. එහෙයින් වගකිව යුතු බලධාරින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරිමෙන් සිදුවන්නේ ශ්‍රි ලංකාව සාමයේ සහ සංවර්ධනයේ මාවතින් බැහැර කිරිම අරමුණු කර ගත් අන්තවාදි කොටස් සහ ස්වකිය අභිමතාර්ථයන් ඉටු කර ගැනිමට මාන බලන අය ශක්තිමත් කිරිම පමණක් බව ද ඔහු පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...