කොළඹ වරාය සංවර්ධනයට ශ්‍රී ලංකාව. ජපානය සහ ඉන්දියාව අතර සහයෝගීතා ගිවිසුමක්

Share Button

දකුණු කොළඹ වරායේ පිහිටි නැගෙනිර බහලු පර්යන්තය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව. ජපානය සහ ඉන්දීයාව සහයෝගීතා ගිවිසුමකට එළඹෙයි. ගිවිසුමට ඊයේ කොළඹදී අත්සන් තැබිණි. ජපානය 1980 දශකයේ සිට කොළඹ වරායේ ජය බහලු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය ලබා දෙයි. කොළඹ වරායේ ප්‍රතිනැව්ගත කිරීම්වලින් සියයට 70 ක් පමණ ඉන්දියාව සම්බන්ධයෙන් සිදු වෙයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය මෙම රාජ්‍යයන් ත්‍රිත්වය අතර දිගු කාලීන සබඳතා සහ සහයෝගීතාව මෙනෙහි කරන්නක් බව වරාය නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි. නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුය. යෝජිත පර්යන්ත මෙහෙයුම් සමාගම විසින් සිදු කරනු ලබන මෙහෙයුම්වලින් සියයට පනස් එකක කොටස් ශ්‍රී ලංකාව සතු වේ. හවුල් පාර්ශ්වයන්ට මිලදී ගතහැකි කොටස් ප්‍රමාණය සියයට හතලිස් නවයකි. මේ සඳහා ලබාගැනීමට අදහස් කරන ජපාන ණය මෙතෙක් ලද යහපත්ම ණය කොන්දේසි යටතේ ලැබෙන බව අමාත්‍යාංශය කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...