ශ්‍රි ලංකාව සමග පැවැති තරගයෙන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 10 ක විශිෂ්ඨ ජයක්

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සමග පැවැති තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 29 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 136 ක් රැස් කලේය. නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52 යි. ඔහුගේ ඉනිමට 4 පහර 4 ක් ඇතුලත්විය. පිලිතුරු ඉනිම ක්‍රිඩා කල නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 1 ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසුකලේය. මාටින් ගෆ්ටල් පන්දු 51 ක් තුල ලකුණු 73 ක් රැස්කලේය. ඔහුගේ ඉනිමට 6 පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුලත්විය. කොලින් මුන්රෝ ලකුණු 58 යි. ශ්‍රි ලංකාව සහභාගිවන මීලග තරගය ලබන අගහරුවාදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙයි.
===
ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ පැරණිතම රග්බි තරගාවලිය වන කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විදුහල් අතර බ්‍රුඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ පළමු අදියර තරගය මහනුවර පල්ලෙකැලේ රග්බි පිටියේ දී ඊයේ පස්වරුවේ ආරම්භ වේ. ඊයේ පැවැත්වුණේ 75 වන තරගයයි. තරගයෙන් රාජකීය විදුහලට ජය හිමිවිය. ඒ ලකුණු 34 ට 17 ක් ලෙසිණි. රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස තුලයිබ් හසීන් ද ත්‍රිත්ව විදුහල් පිලේ නායකයා ලෙස රිෂාන් බණ්ඩාරනායකද කටයුතු කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *